දේශීය

කාදිනල් හිමියන් ගොනුකළ පෙත්සමක් සලකාබැලීමට දින දෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් පොලිස් නිලධාරීන්ට එරෙහිව සිදුකර ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් සලකාබැලීම සඳහා මැයි 19 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කළේය.

 

මැල්කම් කාදිනල් රංජිත් හිමියන් විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම අද (27) කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රූකාන්ත අබේසූරිය මහතා අධිකරණයට දන්වා සිටියේ මෙවැනි ගැටලු සම්බන්ධයෙන් සොයා බලනු ලබන්නේ ජාතික පොලිස් කොමිසම වන අතර එම කොමිසම මෙම පෙත්සමේ සාමාජිකයෙකු වශයෙන් නම් කර නොමැති බවය.

 

අදාළ පෙත්සම සංශෝධනය කිරීමට පෙත්සම්කාර පාර්ශ්වය ට අවසර දුන් අභියාචනාධිකරණය පෙත්සම සලකාබැලීම සඳහා මැයි 19 වනදා කැඳවන ලෙස නියම කර තිබේ.

 

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ‌පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර මහතා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

Related posts

විෂය නොදන්නා අය ශල්‍යකර්ම පිළිබඳ සහ යෝග්‍යතා පිළිබඳ කතා කරන්න එපා : විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් සෞඛ්‍ය ඇමතිට දැඩි දෝෂාරෝණයක්

Editor O

ඉන්දියාවේ සිට පැමිණෙන බැතිමතුන් ඍජුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත

Mohamed Dilsad

වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස චන්න ජයසුමන දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment