දේශීය

එජාපයේ වෙන්නපුවේ නාම යෝජනා පත්‍රය සිරිකොත දමා ගිහින්

වෙන්නපුව ප්‍රාදේශීය සභාවට තරඟ වැදීම සඳහා සැකසු අපේක්ෂක නාම යෝජනා සිරිකොත පක්ෂ මුලස්ථානයේ අමතකවී දමා ගොස් තිබීම හේතුවෙන් නාම යෝජනා භාර දීමට නොහැකිවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණයේදී වෙන්නප්පුව ප්‍රදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමට අවස්ථාව අහිමිවී ගොස් තිබෙනවා.

නාමයෝජනා භාර ගැනීම අවසන් වූ ඊයේ (21) දිනයේ නාම යෝජනා භාර දීමට පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලට වෙන්නපුව ආසන සංවිධායක සරත් බරන්පොල පැමිනියද වෙන්නපුව ප්‍රාදේශීය සභාවට තරඟ වැදීම සඳහා සැකසු අපේක්ෂක නාම යෝජනා සිරිකොත පක්ෂ මූලස්ථානයේ දමාගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මෙම සිදුවීම හේතුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසළ රැඳී සිටි වෙන්නපුව ප්‍රාදේශීය සභාවට තරඟ වැදීමට සුදානමින් සිටි එජාප අපේක්ෂකයින් පිරිසක් බරන්පොල මහතා ට බැනවැදී ඇති අතර එහිදී එම ස්ථානයේ යම් උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවයි සඳහන් වන්නේ.

Related posts

කොවිඩ් ආසාදිතව මිය ගිය දින 20ක බිළිඳාගේ මව්පියන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුලේ නියෝජිතයෝ හෙට (01) ලංකාවට

Editor O

ව්‍යාපාරවලට ණය සහන ලබා ගැනීමේ කාලසීමාව දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment