දේශීය

කොවිඩ් ආසාදිතව මිය ගිය දින 20ක බිළිඳාගේ මව්පියන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

(UTV | කොළඹ) – කොවිඩ් 19 හේතුවෙන් මිය ගොස් ආදාහනය කළ දින 20ක් වයසැති බිළිඳාගේ මරණය සැක සහිත බැවින් වෛද්‍ය වාර්තා කැඳවා පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා බිළිඳාගේ දෙමව්පියන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.

පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත හා කොවිඩ් පැතිරීම වැළැක්වීමේ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ සංජීව මුණසිංහ, රාජ්‍ය ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා යන මහත්වරු හා නීතිපතිවරයායි.

 

Related posts

හම්බන්තොට ලුණු ලේවායෙන් පසුගිය මාස හයේ ලුණු කැටයක්වත් නිෂ්පාදනය කර නැහැ.

Editor O

බොරතෙල් මිල වාර්තා ගත ලෙස ඉහළට

Mohamed Dilsad

එජාප ආසන සංවිධායකවරුන්ට පත්වීම් දීමේදී උණුසුම් තත්ත්වයක්

Editor O

Leave a Comment