විදෙස්

ග්‍රේටා තුන්බර්ග් ජ‍ර්මනියේ දී අත්අඩංගුවට

ලොව ප්‍රබලම පරිසර ක්‍රියාකාරිනියක ලෙස සැලකෙන ග්‍රේටා තුන්බර්ග් ජර්මානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව CNN වාර්තා කරනවා.

ඇය විසින් ජර්මනියේ දී ගල් අඟුරු පතල්වලට එරෙහිව පැවැත්වූ විරෝධතාවයක් අතරදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

එහිදී ඇය විසින් තවත් විරෝධතාකරුවන් පිරිසක් සමඟ පොලිස් බාධක බිඳ දමමින් ගල් අඟුරු පතල් භූමියකට ඇතුළු වීමට උත්සාහ දරා ඇති අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

එහිදී ජර්මානු පොලීසිය විසින් පවසා තිබුණේ,

“අපි දන්නවා එයා කවුද කියලා, හැබැයි ඇයට ප්‍රභූන්ගේ සැලැකිලි නම් ලබාදෙන්නේ නැහැ”

යනුවෙනි.

ග්‍රේටා විසින් දින තුනක් පුරාවටම ජර්මනිය තුළ ගල් අඟුරු පතල්වලට එරෙහිව විරෝධතා පවත්වා තිබූ බවත් වැඩිදුරටත් වාර්තා වනවා.

Related posts

කොරෝනා වෛරසයෙන් ලොව පුරා 88,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

සෙන්දිල් තොණ්ඩමන් නැවතී සිටි හෝටලයට නේපාල අරගලකරුවන් ගිනිතියලා

Editor O

නේපාලය එවරස්ට් කඳු මුදුන පවිත්‍ර කිරීමේ යෝජනාව ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment