දේශීය

මාසික වැටුප් ගෙවීම අර්බුදයක්! සතිපතා වැටුප් ගෙවන්න යැයි ගම්මන්පිලගෙන් යෝජනාවක්

වැටුප් අර්බුදය විසඳීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම සේවකයන්ට සතිපතා වැටුප් ගෙවිය යුතු බවට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යෝජනා කරනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මේ මාසයේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමේ ප්‍රමාදයක් සිදුවන බවට රජය දන්වා ඇති අතර ඇතැම් පෞද්ගලික ආයතන ද මෙවැනි ගැටලුවකට මුහුණ පා සිටින බවයි.

මාසික වැටුප් ලබා ගැනීමේදී මාසයේ තුන්වන සතිය වන විට සේවකයන්ට මුදල් නොමැති බවත්, ඊළඟ වැටුප ලැබෙන තුරු ණය ලබා ගැනීමට සිදුවන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

සතිපතා වැටුප් ගෙවීම සේවකයන්ට සතියක වියදම් සඳහා උපකාර වන බවත්, මාසික වැටුප් ගෙවීමේ ක්‍රමය හේතුවෙන් සේවකයින්ට හෝ ආයතනවලට දුෂ්කරතාවන්ට මුහුණ දීමට අවශ්‍ය නොවන බව පවසා සිටියා.

බොහෝ විදේශ රටවල් ද දැනට අනුගමනය කරන්නේ සතිපතා හෝ සති දෙකකට වරක් වැටුප් ක්‍රමය මිස මාසික ගෙවීම් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිල වැඩිදුරටත් පවසා සිටියා.

 

 

Related posts

ඇල්බේනියා දේශසීමාවේදී ශ්‍රී ලංකා පුරවැසියන් තිදෙනෙකු අත්අඩංගුවට

Editor O

උසස් පෙළ පෞද්ගලික පංති 19දා මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

Editor O

ජංගම වෙළෙඳ රථ නාවොත් 1965 ට දැනුම් දෙන්න

Mohamed Dilsad

Leave a Comment