දේශීය

ඌව පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇති විය හැකි බවට න‍ිවේදයක්

ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඌව පළාතේ, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

 

 

Related posts

විශේෂ පොලිස් මෙහෙයුමකින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

අලෙවි නියෝජිතයන් අගයන DBL Night සාර්ථකව අවසන් වෙයි

Editor O

මැදපෙරදිග රටවල් තුනක රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් රැසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment