දේශීය

ගේම්වලින් ඇති කරන ලද දේශපාලනයෙන් දිගුකාලයක් රැකෙන්නේ නෑ – අනුර කුමාර

ව්‍යවස්ථාවේ ඇති වගන්ති යොදා ගනිමින් විවිධ වූ සට කපට නීති ඇති කර ශිෂ්ට සම්පන්න සම්ප්‍රධාය මුලුමනින්ම ඉවත්කර තමන්ගේ පාලන බලය දීර්ඝ කර ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ නම් ජනතා නැගිටීම් හමුවේ එය කළ නොහැකි බව මකක තබාගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

 

 

මන්ත්‍රීවරුන්ට පඩි ගෙවීමේ අපහසුතාවයක් ඇත්නම් 50% කින් වැටුප් අඩු කරන ලෙසත් ඒ සඳහා සූදානම් බවයි අද (19) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

 

 

ඊයේ (18) දිනයේ පාර්ලිමේන්තු කාරක සභාව අවසන්වීමෙන් පසු මන්ත්‍රීවරුන් සතුටින් විසිර ගිය ආකාරය දක්නට ලැබුණු බවත් නමුත් ගේම්වලින් ඇති කරන ලද දේශපාලනයෙන් කවුරුන් වුවත් දිගුකාලයක් රැකීමක් සිදු නොවන බවද ඔහු සඳහන් කළා.

 

 

ගේම්වලින් බලයේ රැඳී සිටීමට උත්සාහ කරන ජනාධිපතිවරයා ඉතා ඉක්මනින් ඉතිහාසයේ කුණු කූඩයට වැටෙන බවත් එසේම ගේවලින් බලයේ සිටින අගමැති ප්‍රමුඛ ආණ්ඩුව අනිවාර්යෙන්ම ඉතිහාසයේ කුණු කූඩයට වැටෙන බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.

 

 

Related posts

පොලිස්පති ගත් තීරණය

Mohamed Dilsad

දකුණු ආසියාවේ විශාලතම බදු වංචාකරුට වසර 20ක සිර දඬුවම් : අභියාචනාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි.

Editor O

වතු කම්කරුවන්ට නොමිලේ ආහාර මල්ලක් බෙදා දීමට පියවර

Mohamed Dilsad

Leave a Comment