දේශීය

ඇප මුදල් භාරගැනීම අත්හිටුවීම සම්බන්ධයෙන් නිකුත් කළ ලිපියට එරෙහිව සජබය අධිකරණයට

පළාත් පාලන ඡන්ද විමසීමේ අපේක්ෂකයින්ගෙන් නැවත දැනුම්දෙන තුරු ඇප තැන්පතු භාරනොගන්නා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් තේරීම් භාර නිලධාරීන් වෙත නිකුත් කර තිබෙන ලිපිය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොණුකර තිබෙනවා.

 

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර විසින් අදාළ පෙත්සම ගොණුකර ඇති බවයි සඳහන් වන්නේ.

 

එහි වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා ඇතුළු එහි සාමාජිකයින්, දිවයිනේ සියලුම තේරීම් භාර නිලධාරීන්, නීතිපතිවරයා ඇතුළු 85 දෙනෙකු නම් කර තිබෙනවා.

Related posts

පස් කඳු කඩා වැටීමෙන් කතක් සහ දරුවෙකු මිය යයි

Mohamed Dilsad

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

Editor O

හිටපු ජනාධිපතිට වෙඩි තැබූ සැකකරු අල්ලයි

Editor O

Leave a Comment