දේශීය

ණය බර උහුලා ගන්න බැරිව මවක් ගත් තීරණයෙන් පුංචි දරුවෙකු ජීවිතයෙන් වන්දි ගෙවයි

මවක විසින් තම පුතුට සහ දියණියට වස පානය කිරීමට සැලැස්වීමෙන් අනතුරුව රිජ්වේ ආර්යා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුතු පෙරේදා (01දා) මරණයට පත්ව තිබෙනවා.

 

මෙසේ මිය ගොස් ඇත්තේ ලෝලුවාගොඩ තලහේන පදිංචිව සිටි ඒ. ඒ පේෂාන් සචින්ත නමැති 05 හැවිරිදි දරුවෙක් බවයි නාල්ල පොලීසිය සඳහන් කළේ.

 

වයස අවුරුදු 9 ක් වන දියණියටත් 5 හැවිරිදි පුතනුවන්ටත් වස පානය කිරීමට සලස්වා මවද වස පානය කර ඇති බවයි සඳහන් වන්නේ.

 

දියණිය වස කුප්පියෙන් භාගයක් බී ඇති අතර මියගිය දරුවා සම්පූර්ණයෙන්ම වස කුප්පිය පානය කර ඇති අතර එම අවස්ථාවේදී තම මව ඇද වැටී ඇති අතර සහෝදරියද සිහි මුර්ජා තත්ත්වයෙන් සිට තිබෙනවා.

 

මෙය දුටු පිරිමි දරුවා වහාම අසල්වැසි ඥාති නිවසකට ගොස් මේ බව පවසා ඇති අතර අසල්වැසියන් පැමිණ මවගේ සහ දරුවාගේ තත්ත්වය පරීක්ෂා කරද්දී වස බී ඇති බව අනාවරණය වීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වූ අසල්වැසියන් දරුවන් සහ මව රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.

 

මීරිගම මූලික රෝහලට ඇතුළත් කළ මව සහ දරුවන් තිදෙනා පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලටත් දරුවන් දෙදෙනා කොළඹ රිජ්වේ ආර්යා රෝහලටත් ඇතුළත් කර ඇති අතර මව මේවන විට වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. මවගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

 

විවිධ පාර්ශවයන්ට සිදුවී ඇති ණය තුරුස් ගෙවා ගැනීමට නොහැකිවීම මේ සිදුවීමට අසාන්නම හේතුව බව අසල්වැසියෝ පවසයි.

 

ප්‍රතිකාර ලබන මවගේ සහෝදරයෙක් අප සමග මෙසේ පැවසුවේය.

 

මේ පුතාලගේ තාත්තා ටයිල් වැඩ කරන කෙනෙක්. හරිම අහිංසකයි. අරක්කු සිගරට් බොන්නෙත් නෑ. මම දන්නේ නෑ නංගි මෙහෙම කරගත්තේ ඇයි කියලා. මට ආරංචියි නංගි ගොඩක් ණය තුරුස් වෙලා තියෙනවා කියලා. ඒත් අපි දන්නේ නෑ මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියලා.

 

මේ මරණය සම්බන්ධයෙන් නාල්ල පොලීසියේ විශේෂ ප්‍රකාශකයෙක් පැවසුවේ මේ මරණයට ආසන්නම හේතුව වී ඇත්තේ අධික ණය වීම බවයි.

 

කෙසේවෙතත් නාල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

 

Related posts

කන්ටැක්ට් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ 17, 457 ක් ලියාපදිංචි වෙයි

Mohamed Dilsad

නව කොරෝනා වෛරසය “කොවිඩ් 19” ලෙස නම් කරයි

Mohamed Dilsad

මහ මැතිවරණය ජුනි 20 පැවැත්වීමට නොහැකි බව මහින්ද දේශප්‍රිය කියයි

Mohamed Dilsad

Leave a Comment