දේශීය

මහ මැතිවරණය ජුනි 20 පැවැත්වීමට නොහැකි බව මහින්ද දේශප්‍රිය කියයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මහ මැතිවරණය ජුනි 20 වනදා පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන්කර සිටියේය.

ඡන්ද විමසීම පැවැත්වීමට සුදුසු දිනය නියම කිරීම පිළිබඳව නෛතික බාධාවක් ඇති නොවුනහොත් මැතිරවරණ කොමිෂන් සභාව ඒ සඳහා වෙනත් දිනයක් නියම කරන බව ද සභාපතිවරයා ප්‍රකාශ කරයි.

අද දිනට යෙදී ඇති ඡන්ද හිමියන්ගේ දිනය පිළිබඳව සහ පාර්ලිමේන්තු මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව කියා සිටියේය.

සෞඛ්‍ය උපදෙස් අනුව මැතිවරණය පැවැත්වීමට සූදානම් වීම සඳහා දින 60 ත් 70 ත් අතර කාලයක් අවශ්‍යවන බව ද ඔහු අවධාරණය කරයි.

මැතිවරණ කොමිසමට ඡන්ද විමසීම දිගින් දිගටම කල් දැමීමට කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

 

Related posts

වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 07 දක්වා ඉහළට

Mohamed Dilsad

විදුලි බිල්පත් සම්බන්ධයෙන් පැමිණිලි රැසක්

Mohamed Dilsad

රාජ්‍ය ඇමති ජයන්ත ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment