දේශීය

නව බදු ප්‍රතිපත්තිය ගැන ජනාධිපතිවරයා හා වෘත්තියවේදීන් අතර සාකච්ඡාවකට දින නියම වෙයි

නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එළඹෙන බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදීමට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය එකඟවූ බව වෘත්තියවේදීන් පවසනවා.

 

රජය හඳුන්වාදුන් නව බදු ප්‍රතිපත්ති නිසා වෘත්තිකයන්ට මුහුණදීමට සිදුව ඇති ගැටලු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මේ බව සඳහන් කළා.

 

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ, බ්‍රහස්පතින්දා පැවැත්වෙන සාකච්ඡාවේදී සුබවාදී ප්‍රතිචාරයක් නොලැබුණහොත් මේ සම්බන්ධයෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

Related posts

කොරෝනා ආසාදිතයින්ට කළුතර නව ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක්

Mohamed Dilsad

චීන, රුසියානු විදේශ අමාත්‍යවරුන් හෙට දිවයිනට

Mohamed Dilsad

වැලමිටියාවේ කුසලධම්ම නාහිමි ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ

Mohamed Dilsad

Leave a Comment