දේශීය

ළමුන්ගේ පාසල් බෑග් පරික්ෂා කළ යුතු ආකාරය ගැන පොලිස්පති කියයි

පාසල් ළමුන් පරීක්ෂා කළ යුත්තේ, මත්ද්‍රව්‍ය සම්බන්ධ නිශ්චිත තොරතුරක් ඇත්නම් පමණක් බවට පොලිස්පතිවරයා උපදෙස් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ, නිහාල් තල්දුව පවසනවා.

 

ඒ අනුව නිකරුණේ පාසල් ළමුන් පරීක්ෂා කිරීමෙන් වළකින ලෙස ද පොලිස්පතිවරයා උපදෙස් දී ඇති බවයි ඔහු සඳහන් කළේ.

 

එසේම මෙම පරීක්ෂා කිරීමේ දී වීඩියෝගත කිරීමෙන් වළකින ලෙසත් මාර්ගවල දී පාසල් සිසුන් පරීක්ෂා කිරීමෙන් වළකින ලෙසද පොලිස්පතිවරයා සඳහන් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

සියලුම රාජ්‍ය සේවකයින් ට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

ගුරුවරියකගේ අත්බෑගය පාසල තුළදීම සොරකම් කරයි

Mohamed Dilsad

Leave a Comment