දේශීය

මැතිවරණ වියදම් නියාමන පනත මැතිසබයට

(UTV | කොළඹ) – ඡන්ද අපේක්ෂකයන් මැතිවරණවලදී කරන වියදම් නියාමනය  කිරිම සඳහා ප්‍රතිපාදන ඇතුළත්  මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය  විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (8)  ඉදිරිපත් කරනු ලැබීය.

මේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතය.

පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත, පළාත් සභා ඡන්ද විමසීම් පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත යටතේ පවත්වනු ලබන සෑම ඡන්ද විමසීමක දීම අපේක්ෂකයන් විසින් දරනු ලබන වියදම් නියාමනය  කිරීම පිණිස සහ ඊට සම්බන්ධ අනුශාංගික කාරණා සඳහා සැලැස්වීමට   මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ඒ  පිළිබඳ කෙටි විස්තරයක් ඉදිරිපත් කරමින්  මෙහිදී ප්‍රකාශ කළේය.

Related posts

අද දිනයත් පැය 03ක විදුලි කප්පාදුව

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

කොවිඩ් මරණ 58ක්

Mohamed Dilsad

Leave a Comment