ක්‍රීඩාදේශීය

ක්‍රිකට් ආදායමෙන් සියයට 20ක් අමාත්‍යංශය ඉල්ලයි?

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික ආදායමෙන් සියයට 20 ක් ක්‍රීඩා අමාත්‍යංශයට ලබාදෙන ලෙස එම අමාත්‍යංශය ඉල්ලා ඇති බව ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගයකින් දැනගන්න තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට අනුව ආදායමෙන් එවැනි විශාල කොටසක් ක්‍රීඩා අමාත්‍යංශයට දීමේ හැකියාවක් නොමැති බවත් එසේ වුවහොත් ක්‍රිකට් ආයතනයේ සාමාජික ක්‍රීඩා සංගම්වලින් විරෝධයක් එල්ලවනු ඇති බවත් එම ආයතනය පවසා ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය මාස කීපය තුළ ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 220 ක් හෙවත් රුපියල් කෝටි 22 ක් පරිත්‍යාග කර තිබේ.

Related posts

2021 IPL වෙන්දේසිය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 31 ක්

Mohamed Dilsad

මාව්ල්ආරු වැව් බැම්ම අශ්‍රිත ජනතාව ඉවත් කිරීමට පියවර

Editor O

මහා භාණ්ඩාගාරය,බැංකු සහ රක්‍ෂණ සේවා අත්‍යාවශ්‍ය සේවා ගණයට

Mohamed Dilsad

Leave a Comment