ක්‍රීඩාදේශීය

ක්‍රිකට් ආදායමෙන් සියයට 20ක් අමාත්‍යංශය ඉල්ලයි?

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික ආදායමෙන් සියයට 20 ක් ක්‍රීඩා අමාත්‍යංශයට ලබාදෙන ලෙස එම අමාත්‍යංශය ඉල්ලා ඇති බව ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගයකින් දැනගන්න තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට අනුව ආදායමෙන් එවැනි විශාල කොටසක් ක්‍රීඩා අමාත්‍යංශයට දීමේ හැකියාවක් නොමැති බවත් එසේ වුවහොත් ක්‍රිකට් ආයතනයේ සාමාජික ක්‍රීඩා සංගම්වලින් විරෝධයක් එල්ලවනු ඇති බවත් එම ආයතනය පවසා ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය මාස කීපය තුළ ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 220 ක් හෙවත් රුපියල් කෝටි 22 ක් පරිත්‍යාග කර තිබේ.

Related posts

වේයන්ගොඩ ප්‍රදේශයට පොලිස් ඇදිරි නීතිය

Mohamed Dilsad

මෛත්‍රීට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්ට කොමිසමෙන් දැඩි අවවාද

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 72,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment