දේශීය

අඛණ්ඩව විදුලිය දෙන්න නම්, මේ ගාන වැය වෙයි – ඇස්තමේන්තුවක් එළියට

(UTV | කොළඹ) – 2023 සඳහා අඛණ්ඩ විදුලිබල සැපයුමක් සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විදුලි ඒකකයක් සඳහා රුපියල් 56.90 ක් වැය වන බවට ඇස්තමේන්තු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

 

වත්මන් සාමාන්‍ය ගාස්තුව රුපියල් 29.14 ක් වන බවත් හිඟය රුපියල් බිලියන 423.5 ක් ලෙස ගණන් බලා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

 

පහළ ස්ථරවල සිටින පාරිභෝගිකයින් සඳහා විශාල වශයෙන් සහනාධාර ලබා දෙන අතර ඉහළ ස්ථර සිටින පාරිභෝගිකයින් සඳහා සහනාධාරයෙන් කොටසක් වන්දි ගෙවීම සඳහා ඒකකයක සාමාන්‍ය පිරිවැයට වඩා ගෙවන බවයි අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.

 

ඒ අනුව සෑම ස්ථරයක්ම ඒකකයකට රු. 56.90 ක් සහ අඩු ආදායම්ලාභී පවුල් සඳහා සෘජු මුදල් දීමනාවක් විය යුතු බව තමාගේ පෞද්ගලික අදහස බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related posts

තවත් ආසාදිතයන් 5 දෙනෙකු පූර්ණ සුව අතට

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ රාජකාරී කටයුතු සඳහා ලංගම බස් 1358ක්

Editor O

මාලු මිල අහසට

Editor O

Leave a Comment