දේශීය

රනිල් පළවෙනි දේ කළා, අපිට පාරට බහින්න අවස්ථාව හදලා දුන්නා – බැසිල්

(UTV | කොළඹ) – නාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත් තීරණය නිවැරදි බව එම පක්ෂයේ ජාතික සංවිධානයක බැසිල් රාජපක්ෂ පවසනවා.

 

පක්ෂ විපක්ෂ සියලුදෙනාට නිදහසේ දේශපානය කිරීම ඉඩ සලසාදිය යුතු බවට තම පක්ෂයේ මතය බවයි එම පක්ෂ කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු සඳහන් කළේ. 

 

මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ වත්මන් ජනාධිපතිවරයා ඇතුළු රජයට රට හොඳ දිසාවකට ගෙනයාමට හැකියාව ලැබේද යන්නයි.

 

එයට පිළිතුරු ලබාදෙමින් බැසිල් රාජපක්ෂ සඳහන් කළේ,පළමු දේ සිදුකර ඇති බවත් දේශපාලනය සිදුකිරීම සඳහා පාරට බැසීමට අවස්ථාව ලබාදුන් බවත් ආර්ථික සහ අනෙකුත් ගැටලු විසඳුම් ලබාදෙනු ඇති බවට බලාපොරොත්තු වන බවයි.

Related posts

මහ මැතිවරණයට දින නියම වෙයි

Mohamed Dilsad

යාපනය සරසවියේ බුදුමැදුරක් ඉදිකිරීම ගැන දේශපාලන විරෝධයක්

Mohamed Dilsad

ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවයි

Editor O

Leave a Comment