දේශීය

සජිත් හිරුණිකාව බලන්න යයි

(UTV | කොළඹ) – ජනාධිපති නිවස අසල විරෝධතාවට එක්වීම සහ පොලීසියේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු අද (15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

කුරුදුවත්ත පොලීසිය මඟින් එම පිරිස රඳවාගෙන ප්‍රශ්න කළ බව අප වාර්තාකරු පැවසුවේය.

මේ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කුරුඳුවත්ත පොලීසියට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළේය.

“.. මේ රටේ පුරවැසියන් සතු ප්‍රධාන අයිතියක් තිබෙනවා. ඒ තමා මානව අයිතිය. ඒක තහවුරු කෙරෙනවා රටේ උත්තරීතර නීතියෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙන්. කනගාටුවට කාරණාව අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවත් ක්‍රියාත්මක නොවන අව නීතිය රජ කරවන රටකයි අපි මේ ඉන්නේ. නමුත් අපි විශ්වාස කරනවා අවසානයේ මේ රටේ ජන බලය ඒකරාශී කරලා, ප්‍රජාතන්ත්‍රවාදය දිනවීමේ අවස්ථාව වැඩිදුරක් නෑ. කාන්තාව කියන්නේ අපේ රටේ බහුතරයක්. 52%ක්. මේ රටේ යම්කිසි පාදඩ කොට්ඨාසයක් ඉන්නවා කාන්තා අයිතිය ගැන කතා කරද්දි හිනාවෙන. ඒ ගැන විවේචනය කරන.

අපි එතැන නෑ. කාන්තාව කියන පුද්ගලයා මේ රටේ හිංසනයට, පීඩනයට, අසහනයට, කෘරත්වයට, අමානුෂික ප්‍රහාරවලට ලක්වන පාර්ශවයක්. ඒ නිසා මං හිතන්නේ, කාන්තාවන් ගැන කතා කරනකොට සමච්චලයට ලක්කරන්න ඕන මාතෘකාවක් කියලා. අපි මේ රටේ කාන්තා අයිතිය වෙනුවෙන් ඉතාමත් ශක්තිමත්ව පෙනී සිටිනවා. ලබන පාර අපි එන්නේ, කිහිපදෙනෙක් එක්ක නෙමෙයි ලක්ෂ සංඛ්‍යාත ජනතාව එක්කයි අපි එන්නේ. ඒක නිසා මේක සුළු පටු විදියට සලකන්න එපා කියලා අපි කියනවා ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවට..”

Related posts

මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරුවරු පිරිසකට ස්ථාන මාරු

Editor O

සෞඛ්‍ය වෘත්තීයවේදීන් අද සිට යළිත් වර්ජනයේ

Mohamed Dilsad

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment