දේශීය

වන්දි ඉල්ලා රිෂාඩ්ගේ නිතිඥයින් නඩු මගට

(UTV | කොළඹ) – පාස්කු ප්‍රහරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදින් මහතාට ඒරෙහිව අසත්‍ය චෝදනා මත අත්අඩංගවට ගැනීම, රඳවා තබා ගැනීම මෙන්ම අපහාස කිරීම ඇතුළු කාරණා කිහිපයක් මුල් කර ගනිමින් වන්දි ඉල්ලා නඩුවක් ගොනු කිරීමට සාකච්ඡා කරමින් සිටින බව බද්යුදීන් මහතාගේ පෞද්ගලික නීතිඥ රුෂ්දි හබීබ් මහතා පැවැසිය.

තවද ඔහු මෙසේ ද කීය;

“මේ වන විට ශ්‍රේෂ්ඨාකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකර තිබෙනවා. ඒ් නඩුව ගොනු කරනලා තබෙන්නේ මේකට සම්බන්ධ අය වගඋත්තරකරුවන් කරලා.

පි.ටී.ඒ. යටතේ මාස 7ක් රඳවා තබා ගැනීම, බොරු චෝදනාවක් යටතේ පොලීසියට පැමිණිලි කිරීම සම්බන්ධයෙනේ ගතහැකි සිවිල් ක්‍රියාමර්ගය තමයි වන්දි ඉල්ලන වැලිෂියන් ප්‍රොෂිකියුෂන් එකක් ගොනු කිරීම. දිසා අධිකරණයේ තමයි ඒ නඩුව ගොනු කරන්නේ. ඒ් තුළ අපහාසය, රඳවා තබා ගැනිම ඇතුළු සියල්ල අඩංගු වෙනවා. එම ක්‍රියාමර්ගයට ඒළැඹීමට දැන් සාකච්ඡ කරනවා”  

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

විශ්ව විද්‍යාලවල කඩඉම් ලකුණු ඉදිරි සති 02 ඇතුළත

Mohamed Dilsad

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම්කෙරේ

Mohamed Dilsad

Leave a Comment