දේශීය

ජනපතිගෙන් ඉන්දියාවට ශෝකය

(UTV | නව දිල්ලි) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ ගුජරාටේ ප්‍රාන්තයේ මෝර්බි හි පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් සීයකට අධික මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය රජය සහ ජනතාව වෙත සිය ශෝකය පළ කර තිබේ.

මෙම සිදුවීමෙන් තුවාල ලැබූවන් වෙනුවෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

විදෙස් වාර්තා සඳහන් කළේ මචු ගඟට වැටුණු තවත් සියයට අධික පිරිසක් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

19 වන ශත වර්ෂයේදී ඉන්දියාව බ්‍රිතාන්‍යයට යටත්ව පැවති සමයේ ඉදි කරන ලද මෙම පාලම ප්‍රතිසංස්කරණය කර සතියකට පසු මෙලෙස කඩාවැටී තිබීම විශේෂත්වයක්.

මෙම එල්ලෙන පාලම කඩාවැටී ඇත්තේ 500 ක පමණ පිරිසක් ආගමික උත්සවයට අදාළව චාරිත්‍ර සිදු කිරීම සඳහා අහමදාබාද්හි සිට කිලෝමීටර 200 දුරින් පිහිටි මෙම ස්ථානයේ රැස්ව සිටියදියි.

ගඟට වැටුණු 80 දෙනෙකු පමණ බේරාගෙන තිබෙනවා.

මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් මේ වනවිට ගුජරාටයේ සංචාරයක නිරත වන ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ දැඩි ලෙස ශෝකයට පත්වන බවයි.

Related posts

සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

ඉන්දීය මුහුදේ භූමිකම්පාවක්

Mohamed Dilsad

Leave a Comment