දේශීය

රන්ජන් ඇමෙරිකාවට යයි

(UTV | කොළඹ) – සිය ගුවන් ගමන් තහනම අධිකරණය මගින් ඉවත් කර ගැනීමෙන් අනතුරුව රන්ජන් රාමනායක මහතා අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය.

අද අලුයම 03.50 ට කටාර් රාජ්‍යයේ දෝහා වෙත , කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 663 දරන ගුවන් යානයෙන් ඔහු පළමුවෙන්ම පිටත්ව ගොස් තිබේ.

එතැන් සිට ඔහු වෙනත් ගුවන් යානයකින් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතය. ඔහු ඇමෙරිකාවේ ප්‍රසංග 10 කට පමණ සහ කැනඩාවේ ප්‍රසංග 05 කට පමණ සහභාගී වීමට නියමිතය.

රන්ජන් රාමනායක මහතා 10/27 දින රාත්‍රීයේ දී ඇමෙරිකාව බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණිය ද , ඔහු වෙත අධිකරණය මගින් පනවා තිබූ ගුවන් ගමන් තහනම නිසා එම ගමන ව්‍යයර්ථව ගොස් තිබුණි.

Related posts

නිතීඥවරයෙක් සමග ගැටුමක් ඇතිකරගත් පොලිස් කොස්තාපල්ට ස්ථාන මාරුවක්

Editor O

ලබන සතියේ දිස්ත්‍රික්ක පහක වෛද්‍යවරුන් වර්ජනයේ

Mohamed Dilsad

පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ඉල්ලා අස්වෙයි: ඇමති බලපෑම් කරලා..?

Editor O

Leave a Comment