ක්‍රීඩා

බිනුර හදිසියේ ගත් තීරණය මෙන්න

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු කෙටි කාලයකට ක්‍රිකට් ක්‍රීඩාවෙන් විවේක ගන්නා බවට සදහන් කර තිබේ.

ඒ, ඔහුගේ ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුමේ තැබූ සටහනක් තබමින්.

බිනුර ප්‍රනාන්දු තැබූ සටහන වෙත මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

එමගින් බිනුර සඳහන් කර ඇත්තේ තමන් කෙටි කාලයකට ක්‍රිකට් ක්‍රීඩාවෙන් විවේක ගන්නා බවය.

එසේම එමගින් තමන් නැවතත් වඩාත් ශක්තිමත්ව යළි පිටියට පැමිණෙන බවත් ඔහු පවසා ඇත.

එමෙන්ම සමාජ මාධ්‍ය හරහා තමා ආබාධයට ලක්වීම විහිළුවට ලක්කිරීම සම්බන්ධයෙන් තමා කණගාටුවට පත්වන බවද බිනුර පවසයි.

තමන්ගේ අතේ පච්චයක් නොමැති වුවද තමන් හොඳ බෞද්ධයෙකු බවත් තමන්ට අපහාස කරන සියලුදෙනාට “සුවපත්වේවායි” ප්‍රාර්ථනා කරන බවත් ඔහු එමගින් සඳහන් කර තිබේ.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේදී බිනුර ප්‍රනාන්දු ආබාධයකට ලක්විය.

ඒ අනුව ඔහුට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අහිමිව ගියේය.

මේ හේතුවෙන් ඔහුව නැවත ශ්‍රී ලංකාව වෙත කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය.

Related posts

උතුරු කොරියාව ටෝකියෝ ඔලිම්පික් උළෙලින් ඉවත් වෙයි

Mohamed Dilsad

බාබර් අසාම් දූර්ලභ ගණයේ ක්‍රිකට් නීතියක් උල්ලංඝනය කෙරේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු එක්දින තරඟය අදයි

Mohamed Dilsad

Leave a Comment