විදෙස්

ඉරානයේ පල්ලියක් තුළ වෙඩි තැබීමක් : 15ක් මරුට

(UTV |  ඉරානය) – ඉරානයේ ෂිරාස් නගරයේ ෂියා පල්ලියක් තුළ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

අයි.එස්. ත්‍රස්ත සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ, තම සංවිධානය විසින් එම ප්‍රහාරය සිදු කරන ලද බව ය.

වෙඩි ප්‍රහාරය සිදු කළ තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව ඉරාන බලධාරීන් සඳහන් කර ඇත.

එරට රාජ්‍ය මාධ්‍ය ප්‍රහාරය සම්බන්ධයෙන් “තක්ෆීරි ත්‍රස්තවාදීන්ට” දොස් පවරා තිබේ.

“තක්ෆීරි” යනු අයි.එස්. සංවිධානය වැනි දැඩි මතධාරී සුන්නි මුස්ලිම් ත්‍රස්තවාදීන් සඳහා ටෙහෙරානය භාවිත කරන නමකි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉරානයේ පාර්ලිමේන්තුව සහ ඉස්ලාමීය ජනරජයේ නිර්මාතෘ අයතුල්ලා රුහොල්ලා කොමේනිගේ සොහොන ඉලක්ක කරගත් 2017 වසරේදී සිදු කළ මාරාන්තික ද්විත්ව බෝම්බ ප්‍රහාර ඇතුළුව ඉරානයේ පෙර ප්‍රහාරවල වගකීම මෙම කණ්ඩායම ගෙන ඇති බව ය.

22 හැවිරිදි කුර්දි ජාතික කාන්තාවක් වන Mahsa Amini පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගොස් දින 40ක් පිරීම නිමිත්තෙන් ඉරාන ආරක්ෂක හමුදා විරෝධතාකරුවන් සමග ගැටුණු ඊයේ (ඔක්. 26) දිනයේ ම මෙම ෂියා වන්දනාකරුවන් ඝාතනය කිරීම සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

Related posts

ජේබි තවත් දරුණු වෙයි

Mohamed Dilsad

මෙල්බර්න් සංචරණ සීමා හෙට මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් කෙරේ

Mohamed Dilsad

කිර්ගිස්ථාන අගමැති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment