දේශීය

විදුලිබිල යළි ඉහළට

(UTV | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවකට අනුව විදුලිබිල යළි සියයට 30කින් ඉහළ දැමිමේ සැලසුමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති සන්ධානය පවසයි.

එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසුවේ, පසුගිය 15 වනදා සිට විදුලිබිල සඳහා සමාජ ආරක්ෂක බද්ද ලෙස රුපියල් 2.56ක මුදලක් එකතු කර ඇති බවය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට ඒකවෙමින් ඔහු මේ බව කියාසිටියේය.

“දැන් මේ වනවිට තොරතුරක් ලැබිලා තියෙනවා IMF එකෙන් යෝජනා කරනවා 75% අවම වැඩි කළේ ලයිට් බිල එය උපරිම ගත්තහම 100% – 200%කින් වැඩිවෙලා තියෙනවා. ඊට අමතරව 15 වෙනිදා සිට 2.56%ක සමාජ ආරක්ෂණ බද්දක් වැඩිකරලා තියෙනවා. ඒක රටේ ජනතාව දන්නේ නෑ. ඒක බිලට ඇඩ් කරලා තියෙන්නේ වෙනම පෙන්වන්නේ නෑ. එවැනි වටපිටාවක තමා IMF එකෙන් යෝජනා කරනවා කියලා කියන්නේ නැවත වතාවක් විදුලි බිල 30%කින් පමණ වැඩිකරන්න කියලා. ආණ්ඩුව ජනතාවගේ බඩගින්නට වගකියන්නේ නෑ.”

Related posts

නව අමාත්‍යවරුන් 28ක් දිවුරුම් දීමට සුදානම්[RELEASE]

Mohamed Dilsad

ලංකා ඛනිජ තෙල්වල මිල වැඩිවීමක් නොවන බව ඇමතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී 75 ඉක්මවූ තද වැසි

Mohamed Dilsad

Leave a Comment