දේශීය

ගල්අඟුරු නැවක් ලංකාවට

(UTV | කොළඹ) – ගල්අඟුරු මෙට්‍රික්ටොන් 60,000ක් රැගත් අදාළ නෞකාවෙන් ගල්අඟුරු ගොඩබෑම අද (26) දිනයේ සිදුකරන බව ද එම අමාත්‍යාංශය සඳහන් කළේය.

මීට පෙර ගිවිසුම් ගතවූ සමාගමෙන් මෙම ගල්අඟුරු තොගය ආනයනය කර ඇති අතර ඉදිරියේදී තවත් ගල්අඟුරු රැගත් නෞකා 05ක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර ලක් විජය බලාගාරය සඳහා ගල්අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය ඩුබායි හී පිහිටි සමාගමකට ලබා දීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ඕමල්පේ සෝභිත හිමි විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කරගෙන තිබේ.

ලංකා ගල්අඟුරු සමාගම, අමාත්‍ය මණ්ඩලය, ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයන් සහ තාක්‍ෂණ ඇගයුම් කමිටුවේ සාමාජිකයන් ඇතුළු 49දෙනෙකු මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.

ලක් විජය බලාගාරයට ගල්අඟුරු මෙට්‍රික්‌ටොන් මිලියන 4.5 ක් සැපයීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති අතර එය ඩුබායි රාජ්‍යයේ බ්ලැක් සෑන්ඩ් කොමෝඩිට්ස් සමාගම වෙත පිරිනැමීමට ලංකා ගල්අඟුරු සමාගම තීරණය කර තිබු බව පෙත්සමේ සඳහන් කර තිබේ.

ටෙන්ඩර් පටිපාටියට පටහැනිව එම ටෙන්ඩරය පිරිනැමීමට සූදානම් වන බවත් එය නීතිවිරෝධී යැයි තීන්දු කොට අදාළ ටෙන්ඩරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කර ලෙස ඉල්ලමින් සෝභිත හිමි විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Related posts

නිරෝධායන ඇඳිරි නීතියට එරෙහිව මූලික හිමිකම් පෙත්සමක්

Mohamed Dilsad

කැනේඩියානු මහ කොමසාරිස්ගේ ට්විටර් පණිවිඩයට පොලිසියෙන් පිළිතුරු

Mohamed Dilsad

ලෙබනනයේ පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයෙක් තුවාල ලබයි

Mohamed Dilsad

Leave a Comment