දේශීය

ලෙබනනයේ පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයෙක් තුවාල ලබයි

(UTV| ලෙබනනය) –  ඊයේ (04) පස්වරුවේ ලෙබනනයේ බේරුට් නගරයේ සිදු වූ පිපිරීම හේතුවෙන් එක් ශ්‍රී ලාංකිකයෙක් තුවාල ලබා ඇති බවට මේ වනවිට තොරතුරු ලැබී ඇති බව ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

ඒ පිළිබඳ තවත් තොරතුරු සොයා බලමින් සිටින බව ශ්‍රී ලංකා තානාපතිනී ශානි කරුණාරත්න මහත්මිය පවසා සිටියි.

ශ්‍රී ලාංකිකයින් 25,000ක් පමණ ලෙබනනයේ සේවය කරන අතර ඉන් බහුතරයක් ගෘහ සේවිකාවන් ලෙස කටයුතු කරයි.

එසේම විදේශ කටයුතු අමාත්‍යාංශය ඔස්සේ තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සළසා ඇති බව ද ඇය පැවසුවාය.

ලෙබනනයේ බේරූට් හී පිපිරුම හේතුවෙන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සුළු හානි සිදුවී ඇති නමුත් කාර්ය මණ්ඩලය ආරක්ෂිත බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

එම පිපිරුම සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර 10 ක් දුරින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පිහිටා ඇති බව ද වාර්තා වෙයි.

Related posts

ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණයට විශේෂ කාර්ය සාධක බලකායක්

Mohamed Dilsad

නව ආසාදිතයින් 213ක්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment