විදෙස්

බ්‍රිතාන්‍ය අගමැති ධූරය රිෂී සුනක් ට

(UTV | ලන්ඩනය) – රිෂී සුනක් එක්සත් රාජධානියේ මීළඟ අගමැති බවට පත්වනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය සඳහා නාමයෝජනා භාර ගැනීම අවසන් වීමට පෙර අවසන් මිනිත්තු කිහිපයේදී එම තරගයෙන් පෙනී මොර්ඩෝන්ට් ඉවත් වීමෙන් අනතුරුව ඔහුට එම අවස්ථාව හිමි වී තිබේ.

ඒ අනුව, ඔහු එක්සත් රාජධානියේ පළමු ආසියානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය අගමැතිවරයා බවට පත්වන අතර 42 හැවිරිදි වියේ පසුවන ඔහු සියවසක කාලයක් තුළ එරට ලාබාලතම අගමැතිවරයා බවට ද පත්වනු ඇත.

අගමැති ධූරයට පත් වී දින 45කට පසු ලිස් ට්‍රස් එම ධූරයෙන් සහ කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයෙන් පසුගිය දා ඉල්ලා අස් වූවා ය.

ඒ අනුව, බ්‍රිතාන්‍ය ඉතිහාසයේ කෙටි ම කාලයක් අගමැති ධූරය දැරූ තැනැත්තිය බවට ලිස් ට්‍රස් පත් වූවා ය.

Related posts

ඇල්බේනියා දේශසීමාවේදී ශ්‍රී ලංකා පුරවැසියන් තිදෙනෙකු අත්අඩංගුවට

Editor O

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2025 වසරට අදාළව ඉදිරිපත් කළ නවතම ආර්ථික වර්ධන පුරෝකථනය මෙන්න

Editor O

සෝමාලියා – මොගඩිෂු අගනුවර පිපිරීමකින් 30 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment