ක්‍රීඩා

ලංකාවට කඩුලු 9ක විශිෂ්ඨ ජයක්

(UTV |  මෙල්බෙර්න්) – T20 ලෝක කුසලාන සුපිරි 12 දෙනාගේ තරඟාවලියේ ශ්‍රීලංකාව හා අයර්ලන්තය අතර තරගය අද(23) හෝබාර්ට් හි බ්ලන්ඩ්ස්ටෝන් අරීනා ක්‍රීඩාංගණයේදී පැවත්විය. එහිදී තරගයේ කාසිය වාසිය දිනූ අයර්ලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරන කරන ලදී.

 

එහිදී පන්දුවට පහර දුන් අයර්ලන්තය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 128ක් රැස්කර ගැනීමට සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 129ක ඉලක්කයක් හිමිවූ අතර පන්දුවාර 15ක් අවසානදී එක් කඩුල්ලක් පමනක් දැවී ලකුණු 133ක් රැස්කර විශිෂ්ඨ ජයක් ලැබීමට සමත් විය.

මෙහිදී අයර්ලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කිරීමට හැරී ටෙක්ටර් සමත් විය. ඒ පන්දු 42කදී අගනා ලකුණු 45ක් ලබා ගැනී‍මෙනි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිදු හසරංග ලකුණු 25කට කඩුලු 2 ද මහේෂ් තීක්ෂණ ලකුණු 19කට කඩුලු 2ක් ද දවා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු රැස්කිරී‍මේදී කුසල් මෙන්ඩිස් නොදැවී පන්දු 43කදී අගනා ලකුණු 68ක් ද චරිත් අසලන්ක නොදැවී පන්දු 22කදී ලකුණු 31ක් ද ධනන්ජය ද සිල්වා පන්දු 25කදී ලකුණු 31ක් ද ලබා ගැනී‍මට සමත් විය.

Related posts

උපුල් තරංග විශේෂ පොලිස් ඒකකය හමුවට

Mohamed Dilsad

ක්‍රිස් ගේල්ට වන්දියක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට 372ක ඉලක්කයක්

Mohamed Dilsad

Leave a Comment