දේශීය

අදත් දිවයින පුරා වැසි

(UTV | කොළඹ) – අද (23) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ උතුරු සහ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ද ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර සෙවීමට බුද්ධි අංශය

Mohamed Dilsad

ව්‍යාපෘති දෙකක් සඳහා අදානි සමාගමට අනුමැතිය

Mohamed Dilsad

ලබන සඳුදා සිට කම්කරු දෙපාර්තමේන්තුව යටතේ ආයතන විවෘතයි

Mohamed Dilsad

Leave a Comment