දේශීය

ව්‍යාපෘති දෙකක් සඳහා අදානි සමාගමට අනුමැතිය

(UTV | කොළඹ) – අමෙරිකානු ඩොලර් මිලියන 500 කට අධික වටිනාකමින් යුත් සුළං බල ව්‍යාපෘති දෙකක් සඳහා ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම වෙත තාවකාලිකව අනුමැතිය ලබාදුන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවයි.

මින් එක් ව්‍යාපෘතියක් මෙගාවොට් 286 ක් උත්පාදනය කෙරෙන අතර එය මන්නාරමේ ඉදි කිරීමට නියමිතයි.

අනෙක් ව්‍යාපෘතිය මෙගාවොට් 234 ක් උත්පාදනය කෙරෙන්නක් වන අතර එය පුනරින් ප්‍රදේශයේ ස්ථාපිත කිරීමටයි යෝජනා වී ඇත්තේ.

මේ අතර විදුලිබල පණතේ සංශෝධන හමුවේ ප්‍රමාද වූ ව්‍යාපෘති 46 කින් 21 කට අදාළ අවබෝධතා ගිවිසුම් ලබන සතියේදී ඇතිකර ගැනීමට නියමිත බවද කංචන විජේසේකර මහතා කියාසිටියා.

අනෙක් ව්‍යාපෘති දින 30 ක් ඇතුළත සමාලෝචනය කිරීමට නියමිතයි.

Related posts

ගෙවුණු දිනයේ හෙරොයින් සමග සැකකරුවන් 9 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ලෝක පරිසර දිනය අදයි

Mohamed Dilsad

පරණ සමාගමෙන්ම, ඉන්ධන ඇණවුම් කරයි ..

Editor O

Leave a Comment