දේශීය

ගෝඨාගේ එතෙර වියදම් ගැන පැහැදිලි කිරීමක්

(UTV | කොළඹ) – හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන් හිදී කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය නොකරන බව රජය පවසනවා.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එබඳු සියලූ වියදම් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික මුදලින් දරනු ලබන බවයි.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා පැවති මාධ්‍ය හමුවේදී හිටපු ජනාධිපතිවරයාගේ එතෙර වියදම් ගැන මාධ්‍යවේදීන් ප්‍රශ්න කර තිබුණා.

හිටපු සහ වත්මන් ජනාධිපතිවරුන්ට නීතියෙන්ම ඇතැම් වරප්‍රසාද හිමි බවට ඊට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ සඳහන හිටපු ජනාධිපතිවරයාගේ එතෙර වියදම් සඳහා රජය මුදල් වැය කරන බව ඇගවෙන අයුරින් ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණු බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙනවා.

මේ අතර තමාගේ එතෙර වියදම් ගැන ඇතැම් මාධ්‍ය පළකර ඇති වාර්තා වැරදි බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී තිබෙනවා.

එම සියලූ වියදම් සඳහා වැය කරනුයේ සිය පෞද්ගලික මුදල් බව ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළ බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

Related posts

අත්‍යාවශ්‍ය සේවා අඛන්ඩව පවත්වාගෙන යාමට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය

Mohamed Dilsad

20 වන කොවිඩ් මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

ලංකා IOC සමාගමෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment