දේශීය

හෙට ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට (21) පෙ.ව. 8.30 සිට ප.ව. 8.30 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, කළුතර දකුණ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

එමෙන් ම නාගොඩ, බෝම්බුවල, පිලමිනාවත්ත, පයාගල, මග්ගොන, අලුත්ගම, දර්ගා නගරය සහ බෙන්තර යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටු වීමට නියමිත ය.

විදුලිබල මණ්ඩලයේ සහ ජල සම්පාදන මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරට ත් සඳහන් කළේ ය.

Related posts

මැතිවරණයට එරෙහි පෙත්සම් නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

ඇණවුම් නොමැතිව ඉන්ධන බවුසර් පිරවුම්හල් වෙත යැව්වා – ඛණිජ තෙල් සංස්ථාව

Editor O

විදුලි බිල්පත් ගෙවීමට 31 දක්වා සහන කාලයක්

Mohamed Dilsad

Leave a Comment