ගොසිප්

පාර්ලිමේන්තුව විසුරුවන කාලය මෙන්න

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව වසර දෙක හමාරකින් පසුව විසුරුවා හරින්නේදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම රැස්වීමේ දී කළ විමසුමකදී අදහස් දක්වමිනි.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (17)රැස්විය .

මේ අතර අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කර ඇත්තේ විසිදෙවැනි සංශෝධනයට පොදුජන පෙරමුණේ බහුතරයක් විරුද්ධ බවය.

එබැවින් විසිදෙවැනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පොදුජන පෙරමුණේ සියලු දෙනාගේ සහාය නොලැබෙන බව ද ඔහු සඳහන් කර ඇත

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ විසිදෙවැනි සංශෝධනය කාලීන අවශ්‍යතාවක් බව ය.

එය සම්මත කර ගැනීම සඳහා සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර ඇත.

Related posts

පාඨලී – රාජිත – රන්ජන්ගෙන් පසු මීළඟ ඉලක්කය හිරුණිකා [VIDEO]

Mohamed Dilsad

ෆේස්බුක් සිය නිල නාමය වෙනස් කරයි

Mohamed Dilsad

කොරෝනා එනවා කියලා කලින් දන්නවා….ඒත් කියන්න බය හිතුණා

Mohamed Dilsad

Leave a Comment