දේශීය

ලංකාව පහතට දාන කැබිනට් යෝජනාවක්

(UTV | කොළඹ) – ලංකාව මැදි ආදායම් ලබන රටක සිට අඩු ආදායම්ලාභී රටක් බවට පත් කිරීමේ යෝජනාවක් ඊයේ දිනයදී (10) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් සහනදායි අරමුදල් ලබා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව ඇමතිවරයා සඳහන් කළේ ය.

එසේ ම, මේ සම්බන්ධව සවිස්තරාත්මක හේතු දැක්වීමක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධව ලෝක බැංකුවට දැනුම් දීමට කටයුතු කරන බවත් හෙතෙම කීය.

මැදි ආදායම් ලබන රටක් ලෙස 2017 වසරේදී ලංකාව නම් කර ඇති අතර වර්තමානයේ පවතින තත්ත්වය අනුව එම නම් කිරීම ඵලක් නොමැති බව ද ඔහු පැවසීය.

එසේ ම, ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ජාත්‍යන්තර බැංකුවෙන් ජාත්‍යන්තර ප්‍රතිසංස්කරණ බැංකුවෙන් ණය ලබා දීමේදී මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර පැවැතීම අඩු පොළී අනුපාතයක් ලැබීමට නුසුදුසු බව ඔහු සඳහන් කළේ ය.

මැදි ආදායම් රටක් අඩු ආදායම් රටක් ලෙස නම් කිරීම රටට අපකීර්තියක් නොවන බව ත් එය මේ මොහොතේ ගත යුතු මූල්‍යමය ක්‍රියාවක් බව ත් ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේ ය.

Related posts

මැතිවරණ කොමිසමේ වෙනසක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

Editor O

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ගත් තීරණයට, එජාපය කෘතඥතාව පළ කරයි

Editor O

Leave a Comment