දේශීය

කෝටිපතියන් රැවටූ තිළිණි ප්‍රියමාලි රක්ෂිත බන්ධනාගාරයට

(UTV | කොළඹ) – ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සුඛෝපභෝගී කාර්යාලයක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 226ක්, ඇමෙරිකානු ඩොලර් 60,000ක් සහ ඔස්ට්‍රේලියානු ඩොලර් 100,000ක් සාවද්‍ය ලෙස පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තිකෝ ගෲප් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ හිමිකාරිනිය වන තිළිණි ප්‍රියමාලි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට තිබෙනවා.

එහිදී ඉදිරිපත් කර ළද කරුණු සැලකිල්ලට ගනිමින් ඇයව ඔක්තෝබර් 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර තිබෙනවා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා කළේ සැකකරු තම කාර්යාලයට යාබදව ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු සමඟ මිතුරු වී ඇති බවයි.

සැකකරු ඉහළ ප්‍රතිලාභ ලබා දෙන බව පවසා ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සැකකාරියට මේ වන විටත් මේ හා සමාන සිද්ධීන් සම්බන්ධයෙන් තවත් අධිකරණ නඩු අටක් පවතින බව පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් චෝදනා කරනවා.

සැකකරුගේ ව්‍යාපාරයට මුදල් ආයෝජනය කිරීමට ප්‍රසිද්ධ දේශපාලනඥයෙකු ද මුදල් ලබා දී ඇති බව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයට දන්වා තිබෙනවා.

Related posts

ගම්පහ සණස සමිතියේ කළමනාකරු සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට

Mohamed Dilsad

මැතිවරණයට එරෙහිව ගොනු කල පෙත්සම් සලකා බැලීම කල් යයි

Mohamed Dilsad

අද ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව රැස්වේ

Mohamed Dilsad

Leave a Comment