දේශීය

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළිත් වැසෙයි

(UTV | කොළඹ) – සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව අද (07) සිට වසා දැමීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

විදේශ විනිමය හිඟය හේතුවෙන් මෙරටට ගෙන්වා ඇති තුන්වන බොරතෙල් නෞකාවේ ඇති තොගය ගොඩබෑමට නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පැවතීම හේතුවෙන් ජනතාව අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

ජූනි මාසයේ තෙල් ගේන්න ඩොලර් මිලියන 544 ක් අවශ්‍යයි

Mohamed Dilsad

අමාත්‍ය විෂය පථයන් කිහිපයක් සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

පොසොන් පෝය දිනයේ, බන්ධනාගාර රැඳවූන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක්

Editor O

Leave a Comment