විදෙස්

ඉන්දියාවේ කැස්ස පැණිය බීලා දරුවෝ 66 ක් මැරිලා

(UTV |  ඉන්දියාව) – උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමනය කිරීම සඳහා වෛද්‍ය නිර්දේශමත ලබා දුන්, ඉන්දීය ඖෂධ සමාගමක් නිපදවන සිරප් වර්ග පානය කළ ගැම්බියාවේ කුඩා දරුවන් 66 දෙනකු මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ ට්විටර් නිවේදනයත දැක්වෙයි.

අප්‍රිකා රාජ්‍යයක් වන ගැම්බියාවේ දරුවන් මියගොස් ඇත්තේ ඉන්දියාවේ, ‘මේඩ්න් පාර්මසියුටිකල්ස්’ Maiden Pharmaceuticals ඔෘෂධ නිෂ්පාදන සමාගම සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමනය කිරීමට නිපදන සිරප් වර්ග 4 ක් භාවිතයට ගැනීමෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර ඇත. දිළිදු රාජ්‍යයක් වන ගැම්බියාවේ වැසියන්ට බහුලව ලැබෙන්නේ ඉන්දියාවේ නිපදවන ඖෂධ වර්ගය.

Promethazine Oral Solution, Kofexmalin Baby Cough Syrup, Makoff Baby Cough Syrup සහ Magrip N Cold Syrup යනු එම සිරප් වර්ග 4 ය යැයි විදෙස් මාධ්‍ය පවසයි.

මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පැවැත්වවීමට පියවර ගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසා තිබේ. සිරප් වර්ග භාවිතයට ගත් කුඩා දරුවන් මියගොස් ඇත්තේ වකුගඩු අකර්මණ්‍ය වීමෙන් යැයි ද පැවැසෙයි.

Related posts

ජල්ලිකට්ටු සම්බන්ධයෙන් වන නව පනතක්

Mohamed Dilsad

පාකිස්ථානයෙන් ඉන්දීය දේශ සීමාවට මෝටාර් ප්‍රහාරයක්

Mohamed Dilsad

ෆ්ලොරිඩා ගුවන් තොටුපළක සිදුවූ වෙඩි තැබීමකින් 5 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment