ක්‍රීඩා

ආසියානු පාපන්දු තරඟාවලිය : ලංකාවට ලක්ෂ 70ක දඩයක්

(UTV | කොළඹ) – වයස අවුරුදු 17න් පහළ ආසියානු පාපන්දු ශූරතා තරගාවලියේ පළමු කොටසේ තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේ උස්බෙකිස්තානය බලා පිටත්ව යාමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩකයින් 23 දෙනෙකු සහ නිලධාරීන් 05 දෙනෙකු මෙම තරගාවලිය සඳහා පිටත්ව යෑමට සූදානම්ව සිටි අතර අදාළ ගුවන් ටිකට්පත් වෙන් නොකිරීම හේතුවෙන් ඔවුන්ට එම තරගාවලිය අහිමිවී තිබේ.

යොවුන් ක්‍රීඩකයින්ට මෙම අගනා අත්දැකීම අහිමිවී ඇත්තේ, පාපන්දු සම්මේලනය තුළ වර්තමානයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙනි.

මෙහි ඇති තවත් කරුණක් වන්නේ ක්‍රීඩකයින්ට තරගාවලිය අහිමි වෙද්දී ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට රුපියල් ලක්ෂ 70ක දඩයක්ද ගෙවීමට සිදුවීමය.

මේ අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට හැකි වනපරිදි දැනට නිකුත් කර ඇති ගැසට් නිවේදනය සංශෝධනය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය අද (04) අභියාචනාධිකරණය හමුවේ එකඟතාව පළ කළේය.

ඒ එම සම්මේලනයේ නිල කාලය දීර්ඝ කිරීමේ තීරණය අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා එම සම්මේලනයේ සභාපතිවරයා සහ ලේකම්වරයා ගොනු කළ රිට් පෙත්සම් අභියාචනාධිකරණය හමුවේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

Related posts

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

වසීම් වෙනුවට හසන් අලී පාකිස්ථාන සංචිතයට

Mohamed Dilsad

අසභ්‍ය වචන භාවිතා කිරීමේ වරදට ඉක්බාල්ට දඩ

Mohamed Dilsad

Leave a Comment