දේශීය

බොරතෙල් මිල ඉහළට

(UTV | කොළඹ) – ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි ක්‍රමික ඉහළ යාමක් මේ වනවිට පෙන්නුම් කරනවා.

ඒ අනුව සැප්තැම්බර් මාසය අවසන් වනවිට ඩොලර් 85යි ශත 14ක් ලෙස සටහන් වූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ ඩොලර් 92කට ආසන්න වී තිබුණා.

සැප්තැම්බර් අවසන් සතියේ දී වරක් එය ඩොලර් 82 දක්වා ද පහත වැටී තිබීම විශේෂත්වයක්.

ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල ද සැප්තැම්බර් අවසන් සතියේ ඩොලර් 78ක් ලෙස සටහන් වුවත් ඊයේ (04) වන විට ඩොලර් 86 දක්වා ඉහළ ගොස් තිබුණා.

Related posts

කැස්බෑවේ ඡන්ද මධ්‍යස්ථාන භාර නිලධාරිනියක් ජීවිතක්ෂයට

Editor O

ඩෙංගු පිළිබඳ අවධානයට සෞඛ්‍ය අංශයෙන් උපදෙස්

Mohamed Dilsad

රනිල්ගේ පාර්ශ්වය ව්‍යවස්ථාවේ සිදුරු සොයනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment