ක්‍රීඩා

වසීම් වෙනුවට හසන් අලී පාකිස්ථාන සංචිතයට

(UTV | ලාහෝර්) – පාකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් වසීම් අබාධයකට ලක්ව තිබේ. ඔහු එම නිසා මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා. ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලී පාකිස්තාන සංචිතයට ඇතුලත් කර තිබේ.

මීට පෙර පාකිස්තාන සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩිට ද ආබාධයක් හේතුවෙන් මෙවර ආසියානු කුසලානයෙන් ඉවත් වීමට සිදු වුණා. පාකිස්තානය ක්‍රීඩා කරන පළමු තරගය අනිද්දා(28) ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Related posts

කොරෝනා සටනට සන්රයිසස් හිමිකරුවන්ගෙන් කෝටි 30 ක්

Mohamed Dilsad

ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චන්දිමාල්ට – එංගලන්තයට එරෙහි එක්දින සංචිතයෙන් මැතිව්ස් ඉවතට

Mohamed Dilsad

දිල්හාර ලොකුහෙට්ටිගේට එරෙහිව වසර 8 ක ක්‍රිකට් තහනමක්

Mohamed Dilsad

Leave a Comment