දේශීය

කෝප් – කෝපා කමිටු පළමු වරට අද රැස් වෙයි

(UTV | කොළඹ) – නව වන පාර්ලිමේන්තුවේ තුන්වන සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම අද (05) පැවැත්වීමට නියමිත යි.

ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පෙරවරු 11ට එම රැස්වීම පැවැත්වීමට යි කටයුතු යොදා ඇත්තේ.

මෙහි දී කෝප් සහ කෝපා කමිටු සඳහා සභාපතිවරුන් පත් කිරීමටද නියමිත යි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන එම කමිටු සඳහා පත් කළ සාමාජිකයන්ගේ නාම ලේඛණය පෙරේදා ප්‍රකාශයට පත් කළා.

ඊයේ දිනයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැනුම් දුන්නේ, කෝප් කමිටුවට නම් කෙරුණු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වෙනුවට කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් නම් කරන ලෙස යි.

මේ අතර, දේශපාලන පක්ෂවල නායකයන් සහ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ජාතික සභාව හෙට යළි රැස්වීමට නියමිත යි.

Related posts

හිටපු කතානායක ආචාර්යය අශෝක රංවල, “බීලා හිටියනම්; බීලා ඉන්නේ කියලා කෙලින් කියන මිනිහෙක්..!” – ලක්ෂ්මන් නිපුණආරච්චි

Editor O

අග්‍රාමාත්‍යවරයාට නව අමාත්‍ය ධුරයක්

Mohamed Dilsad

රජයේ රෝහල්වලින් මුදල් ගෙවා ඖෂධ ගන්න

Mohamed Dilsad

Leave a Comment