විදෙස්

බූකිනා ෆාසෝ හි නැවතත් බල පෙරළියක්

(UTV |  බූකිනා ෆාසෝ ) – බූකිනා ෆාසෝ රාජ්‍යයේ නැවතත් හමුදා කුමන්ත්‍රණයකින් බල පෙරළියක් සිදුකර තිබේ.

එහිදී හමුදා කපිතාන්වරයෙක් වන ඉබ්‍රාහිම් ට්‍රැඕරේ එහි නව නායකයා බව වාර්තා විය.

කපිතාන් ඉබ්‍රාහිම් ට්‍රැඕරේ ඇතුළු හමුදා කණ්ඩායමක් පසුගිය සිකුරාදා එරට බලය අල්ලාගත් අතර ඔවුන් පවසන්නේ ජනාධිපති පෝල් හෙන්රි ඩමිබාගේ ඉල්ලා අස්වීම භාරගත් බවය.

එමගින් රට තුළ ඇතිව තිබෙන කලහකාරී තත්ත්වය පාලනය කළ හැකි බව ඔවුන් පැවසීය.

ජනාධිපති පෝල් හෙන්රි ද හමුදා නිලධාරියෙක් වන අතර ඔහු මීට මාස කිහිපයකට පෙර එරට පැවති රජය පෙරළා බලය අල්ලා ගත්තේය.

Related posts

ධවල මන්දිරයේ කාර්ය මණ්ඩල ප්‍රධානියාටත් කොවිඩ්

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ බස් රථයක් පෙරළී 24 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

වැඩිම ප්‍රතිශතයකට කොරෝනා එන්නත දුන් රට බවට ඊශ්‍රායලය පත්වෙයි

Mohamed Dilsad

Leave a Comment