දේශීය

මත්පැන් සඳහාත් QR ක්‍රමයක්

(UTV | කොළඹ) – වෙළෙඳපොළ තුළ ඇති නීතිවිරෝධි මත්පැන් බෝතල් ක්ෂණිකව හඳුනාගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව මගින් පරිගණක යෙදවුමක් හඳුන්වා දී තිබේ.

අදාළ පරිගණක යෙදවුම හරහා ස්මාර්ට් ජංගම දුරකථනයකින් මත්පැන් බෝතලයේ ඇති ආරක්ෂක ස්ටිකරයේ QR කේතය ස්කෑන් කළ හැකි බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එම ක්‍රියාවලිය හරහා අවශ්‍ය තොරතුරු ලබාගත නොහැකිව එය ප්‍රතික්ෂේප වුවහොත් ඒ මෙහොතෙම යෙදවුමක් මගින් පැමිණිලි කළහැකි අතර ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද එම දෙපාර්තමේන්ව දන්වා සිටී.

“EXCISE TAX STAMP VALIDATOR” යන නමින් මෙම යෙදවුම සියලුම ඇන්ඩ්‍රොයිඩ් දුරකථන හා ඇපල් දුරකථන හරහා භාගත කරගත හැකිය.

අදාළ යෙදවුම අද (01) සිට පාරිභෝගිකයන්ට සිය දුරකථනයට භාගත කරගත හැකි බවත් ඒ හරහා අවශ්‍ය සේවාවන් ලබාගත හැකි බවත් සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.

Related posts

දීපවාලී උත්සවය වෙනුවෙන් ජනපතිගෙන් හා අගමැතිගෙන් සුභාශිංසන

Mohamed Dilsad

විදුලි බිලට විරෝධය පා පන්සල් කරුවලේ තැබීමේ යෝජනාවක්

Mohamed Dilsad

වසරේ මුල්ම චන්ද්‍රග්‍රහණය අදයි

Mohamed Dilsad

Leave a Comment