විදෙස්

ලෝකය කැළඹු පුටින්ගේ අලුත් හිතුවක්කාර නියෝගය

(UTV |  මොස්කෝ) – රුසියන් හමුදා විසින් අල්ලා ගනු ලැබූ යුක්රේන පළාත් 4 ක් රුසියාවට ඈඳා ගනිමින්, එම පළාත් නිල වශයෙන් රුසියාවේ කොටසක් වුණැයි නිවේදනය කිරීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සූදානම් වනවා.

මොස්කව් අගනුවර රතු චතුරස්‍රයේ ඉදිකළ දැවැන්ත වේදිකාවේ සිට ජනාධිපති පුටින් රුසියාවේ වේලාවෙන් අද (30) සවස 3 ට මෙම නිවේදනය කරනු ඇත.

නැගෙනහිර යුක්රේනයේ ලුහාන්ස්ක්, ඩොනෙස්ක් යන පළාත් ද දකුණු යුක්රේනයේ සැපරිස්සායා සහ කෙර්සෝන් යන පළාත් රුසියාවට එක් කර ගැනෙනවා.

එම පළාත්වල ජීවත් වන රුසියන් බස කතා කරන රුසියන් හිතවාදින් සහ රුසියන් හිතවාදී බෙදුම්වාදී සටන්කාමීන්ගේ ද සහාය ඇතිව රුසියන් හමුදා ලුහාන්ස්ක්, ඩොනෙස්ක්, සැපරිස්සායා සහ කෙර්සෝන් යන පළාත් අත්පත කර ගනු ලැබුවා.

රුසියාව සමඟ එක් වීමට කැමැත්ත විමසමින් ඉන්පසු පසුගිය දා මෙම පළාත්වල ජනමත විමසුම් පවත්වා තිබෙනවා.

එහිදී වැඩි දෙනා රුසියාව සමඟ එක් වීමට කැමැති බවට මනාප පල කොට ඇත.

යුක්රේනයට අයත් ක්‍රිමියා අර්ධද්වීපය ද 2014 වසරේ සිට පවතින්නේ රුසියාව යටතේ වන අතර රුසියානු ජනාධිපති පුටින්ගේ අණ පරිදි, රුසියානු හමුදා ක්‍රිමියා අර්ධද්වීපය ද අත්පත් කරගත්තේ ද මේ අයුරින්ම හමුදා ආක්‍රමණයකින් පසු ජනමත විමසුමක් පවත්වමින්.

Related posts

ඉන්දුනීසියාවේ භූ කම්පන තත්ත්වයක්

Mohamed Dilsad

ජනපති ට්‍රම්ප් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අතර සාකච්ඡා

Mohamed Dilsad

නේපාලයේදී අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment