දේශීය

ඉන්ධන සැපයුමට රුසියාවේ සහය ලංකාවාට

(UTV | කොළඹ) – මෙරටට ඉන්ධන සපයාගැනීම සම්බන්ධයෙන් රුසියානු බලශක්ති අමාත්‍යවරයා සහ මෙරට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර අනිද්දා (20) සූම් තාක්ෂණය ඔස්සේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

එම සාකච්ඡාවට ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ද එක්වීමට නියමිත බවයි වාර්තාවන්නේ.

මේ දක්වා ඉන්ධන සපයා ගැනීම සම්බන්ධයෙන් රුසියාව සමඟ සිදුකළ සාකච්ඡා ඉහළ සාධනීය මට්ටමක පවතිනවා. පසුගියදා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන රුසියාවේ සංචාරයක නිරතවුණා.

එහිදී ඔහු එරට ප්‍රවාහන අමාත්‍යවරයාද මුණගැසුණු අතර, එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රවාහනය විධිමත් කිරීමට උපරිම සහාය ලබාදීම සඳහා එකඟතාව පළවී තිබුණා.

ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, රුසියානු ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ මෙරට දුම්රිය ප්‍රවාහනය විධිමත් කිරීමට නව දුම්රිය බලවේග කට්ටල කිහිපයක් ලබාදෙන ලෙසයි.

ඒ සඳහාද රුසියානු බලධාරීන් එකඟතාව පළ කර තිබෙනවා.

Related posts

IMF ණය සඳහා අඛණ්ඩව සහාය දෙන බවට චීනය යළි අවධාරණය කරයි

Mohamed Dilsad

හෙරොයින් කිලෝ 99 ක් සමඟ පුද්ගලයින් 11 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

සපුගස්කන්ද තෙල් පිරිපහදුව විකුණා දැමීමේ සූදානමක් නැහැ

Mohamed Dilsad

Leave a Comment