විදෙස්

ගවයන් අතර ලම්පි වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියක්

(UTV |  ඉන්දියාව) – ඉන්දියාවේ ලම්පි වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක 25කට බලපෑම් එල්ල වී තිබෙනවා.

මෙම වෛරසය ගවයන් අතර පැතිර යන අතර, මේ වනවිට මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පමණක් ගවයින් 126 දෙනෙකු මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ගවයින් අතර ශීඝ්‍රයෙන් පැතිර යන චර්ම රෝගයක් වන මෙය මිනිසුන්ට සම්ප්‍රේෂණය නොවන බවයි පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ.

මැස්සන්, මදුරුවන්, කිනිතුල්ලන් හරහා මෙම රෝගය පැතිරීම සිදුවන අතර, රෝගයට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ මිල දී ගැනීමට එක් ප්‍රදේශයකට ඉන්දීය රුපියල් කෝටිය බැගින් වෙන්කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා.

Related posts

හොංකොං විරෝධතාවයකදි පුද්ගලයෙකුගේ කන සපා කයි

Mohamed Dilsad

ඇමසන් වනාන්තරයේ පැතිරෙන ගින්න පාලනයට අවශ්‍ය සම්පත් නැත – බ්‍රසීල ජනාධිපති

Mohamed Dilsad

මාස 2 කට පසු වූහාන් නගරයේ කොටසක් විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment