දේශීය

ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රී මත් සුෂිතා ෂිම්පේ දිවයිනට

(UTV | කොළඹ) – ජපානයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මත් සුෂිතා ෂිම්පේ දිවයිනට පැමිණ තිබෙනවා.

ඔහු ජපන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍ර සංසදයේ විධායක සාමාජිකයෙකු වන අතර, මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ තුන්වන වරටයි.

ජපානයේ විදේශ ආධාර සපයන මණ්ඩලය වන ඕඩීඒ අරමුදලේ සභාපතිවරයා ලෙසද මෙම මන්ත්‍රිවරයා මීට පෙර කටයුතු කර ඇති බවයි වාර්තාවන්නේ.

ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය පිළිබඳ ජපන් රජය දැනුවත් කිරීම, යටිතල පහසුකම් සම්බන්ධ අඩුපාඩු සහ අවශ්‍ය වන නව ක්‍රමවේදයන් පිළිබඳව සොයාබැලීම, ජපන් ශ්‍රී ලංකා පළුදු වූ සබඳතාවන් නැවත ශක්තිමත් කිරීම ඇතුලු කරුණු ගණනාවක් මොහුගේ පැමිණීමෙන් ඉටුකරගැනීමට අපේක්ෂිතයි.

ලබන 23 වනදා දක්වා ජපන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙරට රැඳී සිටීමට නියමිතයි.

Related posts

වංචනිකයන්ට දඬුවම් දෙනවා – හිටපු කතානායක අශෝක රංවල

Editor O

මුදල් බැහැරට යන ප්‍රාග්ධන ගනුදෙනු සඳහා මහ බැංකුවෙන් සීමා [RELEASE]

Mohamed Dilsad

සංචරණ සීමා නිසා දුම්රියට කෝටි 46ක පාඩුවක්

Mohamed Dilsad

Leave a Comment