දේශීය

වේලාවක් වෙන්කරගත් අයදුම්කරුවන්ට සඳුදා විදේශ ගමන් බලපත්‍ර

(UTV | කොළඹ) – රජය ලබන සඳුදා (19 වැනිදා) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කළ ද එදිනට වේලාවක් වෙන්කරගත් අයදුම්කරුවන්ට පමණක් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවාය.

රජයේ නිවාඩු දිනයක් බැවින් සීමිත සේවක සංඛ්‍යාවක් පමණක් කැඳවීම නිසා වේලාවක් වෙන්කරගත් අයදුම්කරුවන්ට පමණක් සේවය සැපයීම නිසා වෙනත් පුද්ගලයන් පැමිණිය ද සේවය සැපයීමට නොහැකි යැයි ද බණ්ඩාර මහත්මිය වැඩි දුරටත් කීවාය.

Related posts

රත්මලානේදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

Mohamed Dilsad

කාර්යාල දුම්රිය 19 ක් අද සිට

Mohamed Dilsad

පිරමීඩ් ක්‍රමයෙන් මුදල් අතට ගත්තොත් වැඩ වරදි

Mohamed Dilsad

Leave a Comment