දේශීය

අද පැය 14කට වතුර නෑ

(UTV | කොළඹ) – අද (13) දිනයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

හාරිස්පත්තුව, අකුරණ , ජූජාපිටිය ,පාතදුම්බර, මහනුවර මහ නගර සභා බලප්‍රදේශය, අම්පිටිය සහ හන්තාන යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව දැනුම් දෙයි.

ඒ අනුව අද පෙරවරු 6.00 සිට පස්වරු 8.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට ජල පවිත්‍රාගාරයේ අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටු වන බව වැඩිදුරටත් පවසයි.

Related posts

මැදපෙරදිග රටවල් දෙකක ලාංකිකයන් 51 ක් අද දිවයිනට

Mohamed Dilsad

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

සමාජය පුරා සාමය ,සංහිඳියාව සාක්ෂාත් කරගැනීමට ශිව දෙවිදුන්ගේ ආශිර්වාදය වේවා !

Mohamed Dilsad

Leave a Comment