දේශීය

සමාජය පුරා සාමය ,සංහිඳියාව සාක්ෂාත් කරගැනීමට ශිව දෙවිදුන්ගේ ආශිර්වාදය වේවා !

(UTV | කොළඹ) – මහා ශිවරාත්‍රි පහන් ආලෝකයෙන් ශ්‍රී ලාංකේය හින්දු භක්තිකයින්ට සෞභාග්‍යමත් අනාගතයක් උදාවීම සඳහා සියලු අපේක්ෂාවන් ඉටුවේවා යැයි ප්‍රාර්ථනා කරන බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කල මහ ශිවරාත්‍රී සුභපැතුම් පණිවුඩයේ දැක්වෙයි.   

එම නිවේදනය පහතින් ,

ලොව පුරා හින්දු බැතිමතුන් සමඟ එක්වෙමින් මහා ශිව රාත්‍රී දිනය ඉමහත් භක්ත්‍යාදරයෙන් සමරන ශ්‍රී ලාංකේය හින්දු භක්තිකයන්ට සුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටිනි.

විවිධ ජනවර්ග සමඟ මිත්‍රශීලීව සහ එකමුතුව ජීවත්වීමේ දීර්ඝ සම්ප්‍රදායක් ශ්‍රී ලාංකේය හින්දු භක්තිකයන්ට ඇත. ඔවුන් සියලු දෙනා දැඩි අධ්‍යාත්මික හැඟීමකින් යුතුව ශිව රාත්‍රී දින උපවාසයේ යෙදී සිටිති.

මහා ශිවරාත්‍රි දින උපවාසය ඔස්සේ අධ්‍යාත්මික විමුක්තිය උදාවනු ඇතැයි හින්දු භක්තිකයින්ගේ ඉහළ විශ්වාසයයි. හින්දු බැතිමතුන් මහා ශිව රාත්‍රි දිනයේ මෙසේ නිරාහාරව සිටීම සහ ශුද්ධ වූ චාරිත්‍ර පිළිපැදීම මඟින් අධ්‍යාත්මික ජීවිතය පොහොසත් කරයි.

අද වැනි උතුම් දිනෙක දෙවියන්ගේ අධ්‍යාත්මික ශක්තිය තමන් කෙරෙහි ලැබෙනු ඇතැයි ද හින්දු විශ්වාසයක් පවතියි‍. එකිනෙකා අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ ප්‍රතිසන්ධානය තුළින් එක්සත්කම සඳහා වූ මෙම විශිෂ්ට ප්‍රයත්නයට ශිව දෙවියන්ගේ ආශිර්වාදය නිතැතින් හිමිවනු ඇති බව මාගේ විශ්වාසයයි.

මහා ශිවරාත්‍රි දින දැල්වෙන පහන් ආලෝකයෙන් ශ්‍රී ලාංකේය හින්දු භක්තිකයින්ට සෞභාග්‍යමත් අනාගතයක් උදාවීම සඳහා වූ සියලු අපේක්ෂාවන් ඉටුවේවා ! යැයි මාගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.

හින්දු භක්තික ඔබ සැමට මහා ශිව රාත්‍රි දිනය අර්ථවත් හා ප්‍රීතිමත් දිනයක් වේවා !

 

Related posts

සිරිල් ගාමිණී පියතුමා අත්අඩංගුවට ගන්නේ නෑ – CID

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන ප්‍රකාශයට පත් කරයි

Editor O

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වගන්ති ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

Mohamed Dilsad

Leave a Comment