විදෙස්

කැනඩාවේ පිහි ප්‍රහාර මාලාවකින් 10 ක් මරුට

(UTV |  කැනඩාව) – කැනඩාවේ, මධ්‍යම සිස්කැචුවින් ප්‍රාන්තයේ සිදුවුණු පිහි ප්‍රහාර මාලාවකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 15 කි.

ජේම්ස් ස්මිත් ක්‍රී සහ වෙල්ඩන් යන පළාත් ද ඇතුළු එකිනෙකට වෙනස් ස්ථාන 13 කින් පිහි ප්‍රහාර වාර්තා වෙයි. තුවාල ලැබූවන් විවිධ රෝහල්වලට ඇතුළත් කර තිබේ.

එය උමතුවෙන් කළ පිහි ප්‍රහාර මාලාවක් යැයි විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පොලිස්පතිනී රොන්ඩා බ්ලැක්මෝර් පැවැසුවාය. ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සොහොයුරන් දෙදෙනකු යැයි ද එම මාධ්‍ය හමුවේදී පොලිස්පතිනිය වැඩි දුරටත් පැහැදිලි කළාය.

සැකකරුවන් දෙදෙනා 31 හැවිරිදි ඩේමියන් සැන්ඩර්සන් සහ 30 හැවිරිදි මයිල්ස් සැන්ඩර්සන් බවත් ඔවුන් මේ වනවිට පොලිසියෙන් බේරී පලා යමින් සිටින බව ද වාර්තා වේ. සැකකරුවන් දෙදෙනා සොයා ප්‍රාන්ත මටට්මින් දැවැන්ත සෝදිසි කිරීම් ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.

සැකකරුවන් දෙදෙනා අතිශය බිහිසුණු අපරාධකරුවන් දෙදෙනකු බවත්, ජනතාව ඔවුන් ගැන විමසිල්ලෙන් පසුවිය යුතු බවත් පොලිසිය පවසා අනතුරු ඇඟවීම් කර තිබේ. සිස්කැචුවින් ප්‍රාන්ත වැසියන්ට නිවෙස් තුළ රැදී සිටින්නැයි ද පොලිසිය උපදෙස් දී ඇත.

ඩේමියන් සහ මයිල්ස් සැන්ඩර්සන් සොහොයුරන් මෙම අපරාධය කළේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වී නොමැති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(රොයිටර්)

Related posts

සුරතල් බල්ලෙකුට MonkeyPox

Mohamed Dilsad

අබුඩාබියේ රථ වාහන 70 ක් ගැටී අනතුරක්

Mohamed Dilsad

ලොවම සෙවූ ටයිටන් ට සිදුවූ දේ තහවුරු වෙයි

Mohamed Dilsad

Leave a Comment